සබරගමු විශ්වවිද්‍යාලය හෙට ඇරඹේ

කොවිඩ් -19 වෛසරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබු බස්නාහිර පළාතේ දහම් පාසල් අද (18) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ ඒ අනුව දිවයින පුරා සියලු දහම්පාසල්වල කටයුතු යළි ආරම්භ කෙරෙන බවය.

මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට (19) ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ප්‍රථමෙන් ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර සියලු පාසල්වල සියලු ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වේ.

පෙර පාසල් සහ උපකාරක පන්තිද පැවැත්වීමට රජය අනුමැතිය ලබාදි තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු ආයතනවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කළ යුතු වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!