ස්ථාන තුනකදී දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණවල ඉහළයාමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඊයේ (19) ස්ථාන තුනකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

බූස්ස සහ ගිංතොට අතර දුම්රිය මාර්ගයේ දී 60 හැවිරිදි පුද්ගලයෙක් දුම්රියේ ගැටී මියගොස් තිබේ.

පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් 71 හැවිරිදි පුද්ගලයෙක් පුත්තලම ප්‍රදේශයේ දී මියගොස් තිබේ.

මේ අතර හබරාදූව පොලිස් වසමේ තල්පේ, මිහිරිපැන්න ප්‍රදේශයේ දී දුම්රියක ගැටී කාන්තාවක් මියගොස් තිබේ.

මේ කාන්තාව කවුරුන්ද යන්න පිළිබඳව තවමත් හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.