මුරලිට ශල්‍ය කර්මයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලකදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වී තිබේ.

ඒ ඔහුගේ රුධිර නාළිකාවක සිදුවූ අවහිරතාවක් ඉවත් කිරීම වෙනුවෙන් මෙසේ ශල්‍ය කර්මයකට භාජනය වී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මුරලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රෝහලෙන් ඔහු පිටත්වූ පසු නැවතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක්වීමට නියමිතය.