සතොසින් වාර්තාවක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ එනම් අප්‍රේල් 01 දින සිට 13 වැනි දින දක්වා දිවයින පුරා සතොස අලෙවිසැල් ජාලය විසින් රුපියල් මිලියන 2750ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි වෙළඳ අමාත්‍යාංශය පවසයි.

සිංහල හා හින්දු අළුත් අවුරුදු කාල සීමාව තුළ සතොස අලෙවි ආදායම් පිළිබඳ සලකා බැලීමේදී සතොස අලෙවිසැල් ජාලය විසින් 2020 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ සමස්ත ආදායම රුපියල් මිලියන  1306ක් වන අතර, සතොස ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාවක් තබමින් මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් මිලියන  2750ක වාර්තාගත ආදායමක් ඉපයීමට සමස්ත සතොස අලෙවිසැල් ජාලය සමත්ව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පාරිභෝගික ජනතාවට සහන ලබා දීම සඳහා දේශීය නිෂ්පාදකයන්ගේ හා ඍජු ආනයනකරුවන්ගේ ඉදිරි මිළ ගිවිසුම් ප්‍රකාරව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිළ ස්ථායීකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්‍යාපෘතිය කෙරෙහි පාරිභෝගික ජනතාව සිය විශ්වාසය පළ කරමින් ඊට දැක්වූ ධනාත්මක ප්‍රතිචාරය මත සතොස ආයතනය විසින් මෙම ආදායම් වාර්තාව තැබීමට සමත් වී ඇතැයි අමාත්‍යාංශ නිවේදනය කරයි.