ජනතා විමුක්ති පරෙමුණ කොළඹදී පැවැත්වූ මැයි දින රැලිය සඳහා අති විශාල ජනකායක්…

ජනතා විමුක්ති පරෙමුණ කොළඹදී පැවැත්වූ මැයි දින රැලිය සඳහා අති විශාල ජනකායක් අද (01) පස්වරුවේ රැස්වී සිටියහ.

“ජන පීඩක ආණ්ඩුව #පන්නමු! ජනතාවාදී පාලනයක් ගොඩනගමු!” මැයෙන් පැවැත්වූ මැයි රැලියේදී ජවිපෙ නායක අනුර දිසානායක, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ලාල්කාන්ත, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපති සමන්මලී ගුණසිංහ, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් ජනතාව ඇමතූහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ප්‍රසන්නජීත් අබේසූරිය, ක්‍රිශාන්ත එරන්දක, දීපානි සිල්වා, ප්‍රේමරත්න තෙන්නකෝන්, අනුර ශ්‍රීනාත්, සංජීව මුණසිංහ, සිසිර අමරබන්දු, කමල් පෙරේරා, ජනක රණසිංහ, සංජීව ගුණරත්න, නයනී මහේෂිකා, ලලිත් රත්නායක, ලලිත් රාජපක්ෂ, කෞශල්‍ය ආරියරත්න, විමල් කැටපේආරච්චි, රවී සිරිවර්ධන, ලහිරු කරුණාරත්න, ප්‍රේම් ජයන්ත කපුගේ, කෝසල ද සිල්වා, මුනියන්දි කාලිදාස් ඇතුළු කලාකරුවන් රැසක්ද, නීතීඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් සහ ආචාර්ය මහාචාර්යවරු ඇතුළු වෘත්තියකන් රැසක්ද ඊට එක් වී සිටිහය.