සේවකයින් රැගත් පාර්ලිමේන්තු බස් රියක් දියවන්නා ජල තටාකයට පෙර​ළේ

පාර්ලිමේන්තු සේවකයින් රැගෙන යාමට පැමිණි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාර්ලිමේන්තුවේ දියවන්නා ජල තටාකයට පෙරලී තිබෙනවා.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින් රැගෙන යාමට බස් රථය අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුලට ඒමට අවසර ලබාදී තිබු බවත් සේවකයින් නංවා ගෙන ආපසු යන අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇති බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය එකකයා සඳහන් කරන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුල පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරින් 30-35ත් අතර ප්‍රමාණයක් සිට තිබෙනවා. සිදුවීමෙන් කිසිවෙකුට හානියක් නැති බවත් සියලු දෙනා බේරා ගත බවත් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.