කොරෝනා මර්දනය සඳහා රු. මිලියන 457ක ප්‍රදානයක්
මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමය මගින් රු. මිලියන 457 මුදල් ප්‍රදානයක් සිදුකර තිබේ.
යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චව්බි මහතා විසින් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම මුදල් පරිත්‍යාග කරන ලදී.
කොරෝනා මර්දන ක්‍රියාවලියේදී ඇතිවන හදිසි අවශ්‍යතා සඳහා වෛද්‍ය උපකරණ මිල දී ගැනීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙම අරමුදල් පරිහරණය කරන ලෙසත් ඩෙනිස් චව්බි මහතා මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහය පිළිබඳව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් යුරෝපා සංගමය වෙත සිය කෘතවේදීත්වය පළ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිතුත් කළ නිවේදනයක දැක්වේ.