දේශීය චිත්‍රපට කර්මාන්තය නගා සිටුවීමට අගමැතිතුමාගේ අවධානය

එමෙන්ම බෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම, මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂ කමිටුවක් යටතට පත්කිරීම, සිනමා පට නිෂ්පාදනය සඳහා සියයට 4 හෝ 6 පොලී අනුපාතයට රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම, සහනදායී ලෙස රාජ්‍ය හා සියලූ මාධ්‍යවල ප්රචාරක වැඩපිළිවෙළක් ඇති කිරීම සදහා ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.
ඒ, කොරෝනා හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැුකගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡුාවකදීයි.
ඊට චිත්‍රපට නිෂ්පාදන සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය එක්ව තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසත්, අමාත්‍ය සරත් වීරසේකර චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් මෙම අවස්ථාවට එක් වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාල පැවසුවේ.