ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට පිහිට වෙමු

සිය ආදරණීය බිරිඳගේ පෙනීම සහිත එකම ඇස අන්ධ වීමෙන් වලකා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය රුපියල් දෙලක්ෂයක මුදල ලබා ගැනීම සඳහා කන්තලේ ආර් ජී ධර්මදාස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා දශක ගණනක් තිස්සේ සිය සේවය ලබාගත් පාඨක, ශ්‍රාවක මාධ්‍යවේදී සහාය පතා සිටී.

මීට අවුරුදු පහකට ඉහතදී එක් ඇසක පෙනීම අහිමි වූ පනස් නම හැවිරිදි සිය බිරිඳ ජී ජී අනුලා රාජපක්ෂගේ ඉතිරි එකම ඇසේ නහරයක් පුපුරා ගොස් ඇති බව හිටපු ලංකාදීප සහ BBC ත්‍රිකුණාමල වාර්තාකරු ආර් ජී ධර්මදාස පවසයි.

කඩිනම් සැත්කමකින් එම ඇස සුවපත් කළ හැකි බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් වැයවෙන බවත් නවලෝක රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය චරිත් පොන්සේකා මහතා සහතික වී තිබේ.

“ඒ සා විශාල මුදලක් වැය කිරීමට තරම් මා සතුව වත්කමක් නැත. සැත්කම කඩිනම් නොකළොත් එම ඇසද අන්ධ වියහැකි බව වෛද්‍යවරයා අවධාරණය කරයි. එබවින් මාගේ බිරිඳගේ ඉතිරිව ඇති එකම ඇස සුවපත් කරගැනීම සඳහා හැකියාවක් තිබේනම් ඔබගේ කාරුණික ආධාරය කන්ත‍ලේ ලංකා බැංකුවේ මාගේ නමින් ඇති පහත ගිණුමට යොමුකරන මෙන් ඉල්ලා සිටිමි,” යි ආර් ජී ධර්මදාස මාධ්‍ය වෙත යොමුකළ ලිපියකින් ඉල්ලා තිබේ.

ආධාරය බැර කළ යුතු ගිණුමේ විස්තර

ගිණුම් අංකය: 78972742

ගිණුම් හිමියාගේ නම: ආර් ජී ධර්මදාස

බැංකුව: ලංකා බැංකුව

ශාඛාව: කන්තලේ

වැඩි විස්තර සඳහා අමතන්න; 026 2056193

(රෝග විනිශ්චය සහ ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ දෙකක් වැය වන බව සඳහන් කරමින් විශේෂඥ වෛද්‍ය චරිත ෆොන්සේකා විසින් දී ඇති ලිපියත් මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබේ)

Comments are closed.