බුද්ධි අංශ නිලධාරියා මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථ රියැදුරු යළි රිමාන්ඩ්

රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයාට මරු කැඳ වූ තුම්මුල්ල රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය පැදවූ රියැදුරු යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.ඒ, ලබන 19 වැනිදා දක්වා ය.

පසුගිය 11 වැනිදා රාත්‍රියේ සිදු වූ එම අනතුරට මුහුණ දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ මිය ගියේය.

යතුරු පැදියෙන් ගමන් ගත් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු එදින ගැටී තිබුණේ ඩිෆෙන්ඩර් රථයකයි.

ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බවත් ඔහු නීති ශිෂ්‍යයෙකු බවත් පොලීසිය සඳහන් කළේ ය.

අනතුරින් තුවාල ලැබූ අනෙක් නිලධාරියා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම නිලධාරියාගේ පාදයකට බරපතල ලෙස තුවාල සිදුව ඇති බවය.

Comments are closed.