පකිස්තානයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 129ක් කටුනායකට පැමිණෙති

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද 15 අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පකිස්තානයේ ලාහෝර් නුවර සහ පසුව කරච්චි නුවර ගුවන් තොටුපළ දෙකම වෙත ගොස් , ඒවායේ රැදී සිටි මෙම ගුවන් මගීන් පිරිස රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1282 දරන විශේෂ ගුවන් යානය අද 15 අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා ඔවුන් යොමු කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා තිබුණි

Comments are closed.