පසුගිය කාලයේ දේශප්‍රේමය ගැන කතා කල කණ්ඩායම් කරුණාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මුනිවත රැකීම අවස්ථාවාදී දේශපාලනය සමාජයට අනාවරණය වීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන

රටේ ජනතාව ඡන්දය ලබාදෙන්නේ ගොඩනැගිලි අත්පත්කරගැනීමට උත්සහ කරන කණ්ඩායමකට නොව රට හදන ආර්ථික දැක්මක් ඇති දේශපාලන පක්ෂයකට බව ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරිම වෙනුවෙන් පසුගිය දා ,බියගම ආසනයේ රුවන් විජේවර්ධන මහතාගේ පක්ෂ කාර්යාලය විවෘත කරමින් ඒ මහතා මේ අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්ෂය හරහා ගොඩනැගුණු ඇතැම් පුද්ගලයින් වර්තමානයේදී විවිධ කණ්ඩායම් වලට එක්වී එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම පිළිබද කණගාටු වන බව පැවසූ රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ අභිමානය කිසිදු බලවේගයකින් යටපත් කළ නොහැකි බව අවධාරණය කළා.

රුවන් විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ පක්ෂ මූලස්ථානයක් පවා අහිමි ඇතැම් කණ්ඩායම් මෙවර මහ මැතිවරණයෙන් පසු ගොඩනැගිලි ඇල්ලීම පිළිබඳ අදහස් පළ කරන බවත් ,රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ගොඩනැගිල්ලේ අත්පත් කරගන්නන් නොව රට මුහුණ දෙන ආර්ථික සෞඛ්‍ය සහ සමාජයීය තත්ත්වයන්ට නිවැරදි දැක්මකින් යුතුව විසඳුම් ලබාදිය හැකි දේශපාලන නායකත්වයක් බවයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පසුගියදා කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ දරන ස්ථාවරය කුමක්ද? යන්නයි

එහිදී අදහස් දැක්වූ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සදහන් කළේ මෙවැනි ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂයට යන්තමින් හෝ සම්බන්ධ පුද්ගලයකු සිදු කලේ නම් මේ රට තුළ මතුවන වාතාවරණය කෙබඳුද යන්න ජනතාව කල්පනා කළ යුතු බවයි. ස්වාමීන් වහන්සේ, මාධ්‍ය සහ විවිධ කණ්ඩායම යොදා ගනිමින් රාජපක්ෂ කණ්ඩායම කුමන ආකාරයෙන් හැසිරිය ද යන්න පිළිබඳ තමා කල්පනා කළ බවත් මෙවැනි බරපතළ ප්‍රකාශයක් හමු වේ පසු ගිය කාලයේ විවිධ කාරණා වල දෙය දේශප්‍රේමීත්වය සහ දේශ අභිමානය පිළිබඳ කථා කරමින් හඬ නැගූ කණ්ඩායම් මුනිවත රකිමින් සිටීම පිටුපස රාජපක්ෂ පාලනයේ වංචනික සහ රැවටිලිකාරී ස්වභාවය සමාජයේ හමු වේ අනාවරණය වන බව ද විජේවර්ධන මහතා පෙන්වා දුන්නා.

රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු ද වූ එල් ටී ටී ඊ සංවිධානයේ නායකයකු ව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා විසින් හමුදා සෙබලුන් මරා දැමීම පිළිබඳ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සහ නීතිය ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද රුවන් විජේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළා.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය

Comments are closed.