කොරෝනා දෙවැනි රැල්ලෙන් මිලියන ගණනක් මිය යා හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනතුරු අඟවා තිබෙනවා. එම සංවිධානය පවසන්නේ ඒ පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් ලොවපුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි බවයි.

මේ වනවිට චීනය, දකුණු කොරියාව ඇතුළු වෛරසය පාලනය කළ බව පැවසූ රටවල් කිහිපයක නැවතත් වෛරසය හිස ඔසවමින් තිබේ. මෙම තත්වය වෛරසයේ පළමු අදියරට වඩා භයානක වියහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

මේ වනවිට ලොවපුරා කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය කෝටිය (මිලියන 10) ආසන්නයට පැමිණ තිබේ. තවමත් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව ඇතුළු රටවල් කිහිපයක වෛරසය වේගයෙන් පැතිර යමින් තිබේ. දෙවැනි රැල්ලක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් අනතුරු අඟවන්නේ එවැනි පසුබිමකයි.

Comments are closed.