පොහොට්ටුවේ ප්‍රධාන ප්‍රචාරක රැළි තාවකාලික අත්හිටුවයි

පවත්නා සෞඛ්‍ය තත්ත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එම සන්ධානය විසින් මැතිවරණයද අදාළ ප්‍රධාන ප්‍රචාරක රැළි තාවකාලිකව අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එම තීරණය ගෙන ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ බව අවධාරණය කරයි

ඒ අනුව එළඹෙන 13,14,15 යන දිනයන්හි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සහභාගී වන රැළි සියල්ල අත්හිටුවා ඇත.

සිය අපේක්ෂකයන් විසින් සංවිධානය කර තිබෙන සියලු හමු හා කුඩා රැස්වීම් සියල්ල ද සීමා කරන ලෙස උපදෙස් දී තිබෙන අතර යම් හෙයකින් හෝ ඒවා පවත්වන්නේ නම් සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව පමණක් ඒවා සිදුකරන ලෙසයි බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලිමක් කර තිබුණි.

Comments are closed.