පොසොන් නිවසේ සිටම සමරන්නැයි ඉල්ලීමක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පොසොන් පොහොය දිනයේ ද සියලු ආගමික වැඩසටහන් නිවෙස්වල සිට සිදු කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සියලු මාධ්‍ය හරහා ආගමික වැඩසටහන් සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සමඟ සම්බන්ධ වෙමින් ආගමික කටයුතු සිදු කරන ලෙස අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ජනතාවට දැනුම් දෙයි.

Comments are closed.