රියදුරු බලපත‍්‍ර ප‍්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශව වෙතින් ඉටු කර ගැනීම අත්හිටුවයි

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප‍්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශව වෙතින් ඉටු කර ගැනීමට ඉකුත් රජය විසින් ගනු ලැබූ තීරණය කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කර තිබේ.

ඒ මගී ප‍්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවක් සලකා බලමින්ය.

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප‍්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට ඉකුත් රජය තීරණයක් ගෙන තිබුණේ 2017 වසරේදීය.

මෙම තීරණය අවලංගු කර අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණ රජය විසින්ම පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ‍්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. එයද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මහින්ද අමරවීර සිය කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත.

මේ අතර මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කඩිනමින් විභාග පැවැත්වීමට පියවර ගන්නා බව ද සදහන් වේ.

Comments are closed.