කොරෝනා වැළඳුණු දකුණු ඉන්දීය සුප්‍රසිද්ධ ගායක බාලසුබ්‍රමනියම් යථා තත්වයට පත්වෙමින් සිටී

දකුණු ඉන්දීය ප්‍රකට ගායක එස්.පී. බාලසුබ්‍රමනියම් මහතා කොවිඩ් වෛසරය වැළඳීමෙන් පසු මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සුළු රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කර ඇති නමුත් මේ වනවිට ඔහුගේ තත්වය බරපතල තත්වයට පත්වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර , ඔහු යථා තත්වයට පත්වෙමින් සිටින බව ඔහුගේ පුත් චරන් ටියුටර් පණිවිඩයකින් දන්වා ඇත .

මෙම ප්‍රකට දකුණු ඉන්දීය ගායකයා චෙන්නායි නුවර එම්.ජී.එම්. රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටී. එම රෝහල නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඔහුට ජීවිතාරක්ෂක උපකරණ සවිකර ඇති බවයි.

ඉන්දියාව තුළ කොවිඩ් වෛරසය තවදුරටත් ඉතා වේගයෙන් ව්‍යාප්ත වන අතර ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේද ඉන්දියාවෙනි. ඒ 65,609 ක් ලෙසයි. මීට අමතරව මරණ 990 ක් ද ඊයේ වාර්තා වී තිබෙනවා. එරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියන 2.5 ඉක්මවා ඇති අතර මරණ 49,134 ක් වාර්තා වී තිබෙනවා.

Comments are closed.