වංචනිකයන්ට, නරක අයට, බාර් හිමියන්ට ඡන්දෙ දෙන්න එපා..- හූල් ඡන්දය දිය යුතු පිරිස් නම් කරයි.. මහින්ද දේශප‍්‍රියගෙනුත් ප‍්‍රකාශයක්..

ඡන්දය භාවිතා කිරීම ගැන සිදුකරන ලද ආණ්ඩුව ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණය සාමාජික රත්නජීවන් හූල් මහතා අදහස් පළ කරයි.

සිරස රූපවාහිනිය සමඟ අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දය දෙන්න එපා යැයි තමන් නොපැවසූ බවයි.

තමන් පැවසුවේ වැරදි තොරතුරු දෙන අයට, වංචා කරන අයට, නරක අයට, සුරාසැල් හිමියන්ට ඡන්දය නොදෙන ලෙස බවයි.

ඒවා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේද සහභාගිත්වයෙන් අනුමත කරන ලද මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රතිපත්ති බවද ඔහු පැවසීය.

සිරස රූපවාහිනිය සමඟ එක් වූ ඔහු පළ කළ අදහස් මෙසේය.

”මීට වසර දෙකකට හෝ තුනකට පෙර BMICH එකේදී මාර්තු 12 ව්‍යාපාරය රැස්වුණා. මැතිවරණ කොමිසමේ සාමාජිකයිනුත් සහභාගී වුණා. අපි මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රතිපත්ති අනුමත කළා. ඒ ප්‍රතිපත්ති මොනවාද? නරක පුද්ගලයින්ට ඡන්දය දෙන්න එපා. සුරාසල් කරන අයට ඡන්දය දෙන්න එපා. ප්‍රචණ්ඩත්වයෙන් ජීවත් වන අයට ඡන්දය දෙන්න එපා. ඒක තමයි මම කිවුවේ. අන්න ඒ දේ තමයි මම කිවුවේ. මම කිසිම අවස්ථාවක කිවුවේ නැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියලා. මම අත්දැකීම් බහුල කෙනෙක්. ඒ නිසා මං එහෙම දෙයක් කවදාවත් කියන්නේ නැහැ. ඔබට වංචා කරන පුද්ගලයින්ට ඡන්දය දෙන්න එපා. වැරදි තොරතුරු දෙන අයට ඡන්දය දෙන්න එපා”

ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවේ හූල් මහතා දෙමළ භාෂාවෙන් කරන ලද එම ප්‍රකාශය නිවැරදි භාෂා පරිවර්ථනයකින් තොරව ඒ ගැන ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

– newsfirst

Comments are closed.