උතුරෙන් කාන්තා ඇඳුම් සමග මිනිස් ඇටකටු ගොඩගනී (Video)

යාපනයේ අලුතින් හමුවූ මිනිස් අස්ථි කොටස් කිහිපයක් වෝහාරික පරීක්ෂණ සහ කාල නිර්ණය සඳහා අධිකරණය විසින් වෛද්‍ය විශේෂඥයන් වෙත යොමු කර තිබේ.

පන්නෙයි, කාලි කෝවිලට යාබද මාර්ගය අසල අගෝස්තු 18 අඟහරුවාදා දෙවැනි දිනටත් සිදු කළ කැණීම් වලදී ගොඩගෙන ඇත්තේ පාද දෙකක අස්ථි කොටස් බවට සැක කෙරේ.

අලුතින් ඇටකටු ගොඩගෙන ඇත්තේ ලද එම ස්ථානයේ මුල්වරට කැනීම් සිදු කළ අගෝස්තු 14 දින හමුවූ අස්ථි කොටස් වලට අමතරවය.

මිනිස් අස්ථි කොටස් වලට අමතරව ඇදුම් බෑගයක්ද එහිදී හමුවී ඇති අතර එහි තිබී කාන්තා ඇඳුම්, දත් බේත්, දත් බුරුසුවක්, පියරු ටින් එකක් සහ පනාවක් සොයා ගෙන තිබේ.

Video

යාපනය මහේස්ත්‍රාත් ඒ.එස් පීටර්පෝල්, යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි යු.මයුරදන් , යාපනය පොලිස් නිලධාරීන්, පුරාවිද්‍යා නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසකගේ නිරීක්ෂණය යටතේ කැනීම් කටයුතු සිදු කර තිබේ.
යාපනය, පන්නෙයි, මීනාච්චි අම්මාන් කෝවිල මාර්ගය සමීපයෙන් අගෝස්තු 14 වෙනිදා පළමු වරට අස්ථි කොටස් හමුවී තිබුනේ එම භුමියේ ඉදිකිරීමක් සඳහා පොලොව හාරමින් සිටියදීය.

අස්ථි කොටස් හමුවු අගෝස්තු 14 දිනම, යාපනය වැඩබලන මහේස්ත්‍රාත් වී. ටී. ශිවලිංගම් ස්ථානීය පරීක්ෂාවක් කළ බව යාපනය පොලිසිය සඳහන් කරයි.

ඇටකටු ගොඩගත් ස්ථානය නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි 18 අඟහරුවාදා දින අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කරන විට අලුතින් තවත් සිරුරු කොටස් හමුවී තිබේ.
මිනිස් අස්ථි කොටස් හමුවු භුමියේ මේ වන විට මුහුදු ආහාර ගබඩා කිරීමේ රට පුරා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

Leave A Reply

Your email address will not be published.