ආදාහනය කිරීම සඳහා පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වෙයි – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන මාධ්‍ය සන්දර්ශන වහාම නවත්වා වසංගත මර්දනය සඳහා සුදුසු පියවර ගතයුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

අවශ්‍ය මොහොතේ රට වසා දැමීමට කටයුතු නොකළ බවත්, අවදානම ඉහළ යමින් තිබියදී සීමා තර කිරීම වෙනුවට සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවත් ආනන්ද හිමි පෙන්වා දෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දෛනික මරණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇති බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ ඉදිරියේදී කොවිඩ් මරණ ආදාහනය කිරීම සඳහා ආදාහනාගාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාන් පෝරණුවලටද මළ සිරුරු පිළිස්සීමට සිදුවනු ඇති බවයි.

රටේ දැනට කෙරෙන සංවර්ධන කටයුතු පවා අත්හිටුවා වසංගතය මර්දනය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද මුරුත්තෙට්ටුවේ හිමි අවධාරණය කරනවා.