රෝහලින් පැන ගිය, මාධ්‍යවේදියා සොයා පොලිසිය වහලෙන් නිවසට බසී..!
ප්‍රකට මාධ්‍යවේදි කීර්ති වර්ණකුලසූරිය , කොරෝනා ආසාදිතව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉන් පැන ගොස් සැඟව සිටිය දී පොලිසිය අල්ලාගෙන ඇත.
පැන ගිය කීර්ති වර්ණකුලසූරිය තලංගම කොස්වත්තේ මාධ්‍යවේදී ගම්මානයක් වන රිචඩ් ද සොයිසා නිවාස සංකීර්ණයේ සිය නිවසට වැදී දුරකථනය ද විසන්ධි කර දොර ජනෙල් ලොක් කරගෙන සැඟවී සිට තිබේ.
පොලිසිය මොහු සොයා පැමිණ නිවසේ ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ කළ ද නොහැකි වීමෙන් පසු තාප්පයෙන් පැන ඉණිමගක් තබා වහලයට නැග වහලයේ උළු ඉවත් කර නිවසට ඇතුළු වෙද්දී , ඔහු නිවසේ සැඟවී සිටිනු පොලීසිය දැක ඇත .
පසුව ඔහුව නිවසේ තබා නිරෝධායනයට යොමු කර නිවසේම ‘නිරෝධායනය වන නිවසක්’ ලෙස සඳහන් දැන්වීම ද අලවා පොලිසිය පිටත්ව ගොස් ඇත.