මහින්ද ඉන්න තැන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හෙලි කරයි..

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

ආරක්ෂක හේතූන් මත ඒ මහතා එහි රැඳී සිටින බව ද නැවත රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු ඔහු කැමති ස්ථානයකට පිටව යනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ හෙලිකොප්ටරයක් ගුවන්ගත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය වල සංසරණය වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව ප්‍රකාශ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම හෙලිකොප්ටරෙන් පිටවූ බවයි.

ජනාධිපතිවරයා ගේ ඉල්ලීමක් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව මෙම හෙලිකොප්ටරය ලබාදුන් බව ගුවන් හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.