රනිල් ගැන අතිශය ලැජ්ජයි! – සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී රනිල්ගේ ‌රෙදි ගලවයි!

රනිල් ගැන අතිශය ලැජ්ජයි! ජනාධිපතිට එරෙහි යෝජනාව බලලා මුලින් එයා ජන්දය දෙනවා කිව්වා ! ට්විටර් එකකුත් දැම්මා! හැබැයි අද විරුද්ධව ජන්දය දුන්නා! එදයි අදයි වෙනස එයාට අගමැති රස්සාව ලැබීම පමණයි! මේ මොන ජාතියෙ ගේම් ගහන්නෙක්ද? සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී රනිල්ගේ ‌රෙදි ගලවයි! (VIDEO)

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීම සඳහා අගමැතිවරයා රජයට සහය දැක්වීමේ අගමැතිවරයාගේ හැසිරීම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් අද පර්ලිමේන්තුවේදී දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේ ය.

සුමන්දිරන් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ, යෝජනාව පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඡන්දය ලබාදීම ලැජ්ජාසහගත බවයි.

”ජනාධිපතිතුමා ආරක්ෂා කරන්නේ කවුද කියලා, රටම දන්නවා. ඇත්ත වශයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීම ලැජ්ජාසහගතයි. නමුත් මම අගමැතිවරයාට කියනවා.ජනාධිපතිවරයාට එරෙහි මේ අප්‍රසාදය පළ කිරීමේ මේ යෝජනාව කෙටුම්පත් කළ වෙලාවේ විපක්ෂයේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එය බලන්න ඕන වුණා”

වැඩිදුරටත් අදහස් දක්වමින් සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතා එදා මෙම යෝජනාවට එකඟවූ බවත් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පැවසු බවත් ය.

කෙසේ වෙතත් අද දිනයේ ඔහු ඊට විරුද්ධය ඡන්දය දීම නිසා මෙම ප්‍රකාශය සිදු කරන බව ද සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේ ඒ අනුව අගමැතිවරයා කුමන ගේම් ගසන්නෙක් ද යන්නයි.

”එදා ත් අදත් එකම දෙයයි වෙනස් වුණේ, ඔහුට අගමැති ධූරයක් ලැබීම පමණයි”.

අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම දැඩිව විවේචනය කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඔහු රටට ප්‍රසිද්ධියේ කී ප්‍රතිපත්තිය විකුණා ඇති බවයි.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සිය ඡන්දය ලබාදුන්නේය.