IDH රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත මව සොයා මෙහෙයුම් : ආසාදිත දරුවා ඇහැලියගොඩදී සොයා ගැනේ

ඊයේ රාත්‍රී 10.30ට පමණ ඔවුන් රත්නපුර ඇහැළියගොඩ යාය පාර ප්‍රදේශයට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් ඇගේ දරුවා ඥාති නිවසක් වෙත භාරදී තිබියදී අද (20) සොයාගැනුණී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාවගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

පොලීසිය සඳහන් කළේ මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධ බවය.

අදාළ කාන්තාවගේ ඡායාරූපයක් පහතින් දැක්වේ.