නීත්‍යාණුකූලව ගංජා වගාවට අවස්ථාව දෙමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී කියයි
ලංකාවේ ආර්ථිකයේ බෝග විවිධාංගීකරණය යටතේ කංසා වගාව හෙවත් ගංජා වගාව නීත්‍යාණූකූලව වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතා සදහා වගා කොට අපනයනය කිරිම සදහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ අද (20) අය වැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් සදහන් කොට සිටියාය.
ඇය වැඩිදුරටත් සදහන් කොට සිටියේ .ලංකාව ඝර්ම කලාපීය රටක් වීම විසින් බොහෝ ඖෂධ වගාවන් නිසි පරිදි කොට ඒවා අපනයනයෙන් දේශීය ආර්ථිකය හා විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාවක් පවතී .
ඒ අතර ලංකාවේ මේ වන විට නීති විරෝධී තත්වයේ පවතින එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යාණුකූල බවක් සහිත කංසා හෙවත් ගංජා වගාව ඖෂධීය අපනයන වගාවක් ලෙස රාජ්‍ය මැදිහත්වීමකින් ශක්තිමත් කොට විදෙස් විනිමය උපයා ගැනීම සදහා වන මැදිහත්වීමක් සිදු කිරීමට යෝජනා කරන අතරම එක හෙළාම එය රාජ්‍ය මැදිහත්වීමක් හා වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සදහා අපනයන භාණ්ඩයක් ලෙස ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා වන යෝජනාවක් බව නැවත වරත් සභාව හමුවේ ප්‍රකාශ කර සිටිනවා.
රාජ්‍යයක් ලෙස අප ලෝක වෙළද පොළ වෙත මෙතෙක් අපනයනය කළ තේ පොල් රබර් වැනි ප්‍රධාන ආර්ථික භෝගයන් අතරට ඖෂධ වගාවන් එකතු කර ගැනීම වෙනත් ලෝකයේ රාජ්‍යයන් සමග සැසදීමේදී අවම අපනයනයක් වාර්තා කර සිටිනවා.
ලෝකයේ වෙනත් රාජ්‍යයන්හි නීත්‍යාණුකූල කංසා අපනයනයේ ලබන ආදායම අති විශාල එකක් වෙනවා.
යුරෝපියානු ආයෝජන බැංකුව අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේ දී 1000% කින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක් නීත්‍යනුකූල කංසා වලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමෙරිකාව හා යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් ය. උතුරු ඇමෙරිකාවේ 2017 දී ඩොලර් බිලියන 9.2 ක් වූ නීත්‍යනුකූල කංසා වෙළෙඳාම 2021 දී බිලියන 20.1 ක් ද 2027 දී බිලියන 47.3 ක් ද වනු ඇත. 2018 දී දකුණු අමෙරිකාවේ වෛද්‍යමය කංසා භාවිතය ඩොලර් මිලියන 125 ක් වනු ඇති බවත් එය 2027 දී මිලියන 776 ක් බවත් ගණන් බලා තිබේ. ඔස්‌ට්‍රේලියාවේ 2018 දී අපේක්‌ෂිත නීත්‍යනුකුල කංසා වගාව ඩොලර් මිලියන 52 ක් ලෙසත් එය 2027 දී බිලියන 1.2 ක් වන බවත් පෙන්වා දී තිබේ. ඕස්‌ටේ්‍රලියාව සැලසුම් කරන්නේ සිඩ්නි සරසවියේ වාර්තා අනුව ඔස්‌ට්‍රේලියාවේ නීත්‍යනුකූල කංසා කර්මාන්තය ඩොලර් මිලියන 78 ක් වන අතර කැනඩාවේ එය බිලියන 3.19 කි. ලෝකයේ නීත්‍යනුකූල කංසා වෙළෙඳාමේ සිව් වැනි ස්‌ථානය ලබා ගැනීමට හා ගෝලීය වෙළෙඳපොළ තුළ සැලකිය යුතු කොටසක් අත්පත් කරගැනීමටයි .
මේ අනුව ලෝකයේ මෙම වගාව නිසි පරිදි සිදු කොට ආර්ථිකය ශක්තිමත් කරනු ලබන අතර එය ලංකාව තුළද නිසි වැඩපිලිවෙලක් සහ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහිතව සිදු කරන්නේ නම් දළ දේශීය නිෂ්පාදනයට මෙහි එකතුවක් ද සිදුවීම අනිවාර්යයක් බව පැවසිය යුතුයි. යන්නයි .