ලිට්රෝ ගෑස් සිලින්ඩරය රු.452කින් අඩුවෙයි !

අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අන්දමට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,186කි.
මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.