ස්වීඩන් ලිංගික සම්මේලන අයදුම්පත ප්‍රතික්ෂේප කළ නිසා ලිංගික ශූරතාවට අවසර නැත.

ස්වීඩන් ජාතික ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකයකු වීමට ලිංගික සම්මේලනය ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ නිසා ලිංගික ශූරතාවට අවසර නැත.

මෙම මස ජුනි මාසයේදී ස්වීඩනයේ ලිංගික ශූරතාවක් පවත්වන බවට අන්තර්ජාලය ඔස්‌සේ ඵල වූ ප්‍රවෘත්තිය ව්‍යාජ ඒකක් බව ස්වීඩන් ප්‍රවෘත්ති ආයතනයක් වන Goterborgs-Postenට අනුව වාර්තා කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ට්විටර් ඔස්සේ මුලින්ම මතු වූ ප්‍රවෘත්තියේ විස්තර ප්‍රවෘත්ති ආයතන කිහිපයක් ඔස්සේ ප්‍රචාරය කළ අතර ඒය ලෝකයේ වැඩි දෙනාගේ කතාවට ලක් වූ මාතෘකාවක් විය.

මෙම ඉසව්ව ජුනි 8 වන දින ආරම්භ වන බවත් සති කිහිපයක් පුරා පැවැත්වෙන බවත්, සහභාගිවන්නන් සෑම දිනකම පැය හයක් තරග කරනු ඇති බවත් ඒම ප්‍රවෘත්තිවල කියැවිණ.
නමුත්, ස්වීඩන් ප්‍රවෘත්ති ආයතනයක් වන Goterborgs-Posten ට අනුව, මෙම වසරේ අප්‍රේල් මාසයේදී එම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව මෙම පුවත ව්‍යාජ එකක් බවට පත් විය.

ස්වීඩනයේ ලිංගික සම්මේලනයක් පවතින අතර එහි ප්‍රධානී ඩ්‍රැගන් බ්‍රැක්ටික් විසින් මිනිසාට ලිංගිකත්වයේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඇති බලපෑම ඉස්මතු කරමින් ශූරතාවලියක් සංවිධානය කරන ලෙස ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත්, ජාතික ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකයකු වීමට ලිංගික සම්මේලනය ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව Goterborgs-Posten සිය අප්‍රේල් 26 වාර්තාවේ සඳහන් කළේය.

බ්‍රැක්ටික් මහතා මෙම වසරේ ජනවාරි මාසයේදී අයදුම්පත ඉදිරිපත් කර ඇත.

“එය අපගේ අවශ්‍යතා සපුරාලන්නේ නැති අතර මෙම අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බව මට ඔබට දැනුම් දිය හැකිය. අපට වෙනත් දේවල් කිරීමට තිබේ,” ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධානී Bjorn Eriksson දේශීය පුවත් පතකට කියා තිබේ.

බ්‍රැක්ටික් මහතා ස්වීඩනයේ තීරු සමාජ කිහිපයක් පවත්වාගෙන යන අතර ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස වර්ග කිරීමට බලාපොරොත්තු විය.

මෙහිදී ට්වීටර් පණිවිඩිඩ ප්‍රකාශ කළේ ලිංගික තරගාවලියේ ක්‍රියාකාරකම් හෝ ‘ගැලපීම්’ සඳහා මිනිත්තු 45 සිට පැය 1 දක්වා කාල සීමාවක් තිබිය යුතු බවයි. එක් එක් සහභාගිවන්නෙකු ලකුණු 5 සිට 10 දක්වා ලබා ගන්නා පරිදි විනය 16 ක් ඇති බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ. ශූරතාවලිය සඳහා පුද්ගලයන් 20 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවද තහවුරු නොකළ වාර්තාවල දැක්වෙයි.