ගජේන්ද්‍ර කුමාර් අත්අඩංගුවට (Video)

පොලිසිය මගහරිමින් සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්‍ද්‍රකුමාර් පොන්නම්බලම් අද (07) උදේ ඔහුගේ කොල්ලුපිටිය නිවසේ දී පොලිිසයි විසින් අත්අඩංගුවට ගත්තේය.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මරදන්කේණි පොලිිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇති අතර අනතුරුව ඔහුව ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වනවිට ඔහු කිළිනොච්චි අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිළිනොච්චිය වෙත රැගෙන යමින් ඇත.

මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් කිළිනොච්චියේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථනයක පාසලකට ගොස් දේශපාලන රැස්වීමක් පැවැත්වීම නිසා පොලීසිය ඊට විරුද්ධ වීමත් සමගම මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ හැදුණුම්පත් උදුරා ගැනීමට තැත් කිරීමත් සමගම එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.

එහිදී මන්ත්‍රීවරයා පොලිසියේ රාජකාරී වලට බාධා කළ අතර ඔහුට පක්ෂයේ ආධාරකරුවන් පිරිසක්ද අනුබල ලබා දී තිබුණි.

එසේ අනුබල දුන් කාන්තාවක් හා තවත් අයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව රිමාන්ඩ් බාරයට පත් කල අතර අධිකරණ නියෝගයක් මත මන්ත්‍රීවරයාටද මරදන්කේණී පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයාට දැණුම් දී තිබුණි.

මන්ත්‍රීවරයා විවිධ දේ කියමින් කොළඹට ගොස් එහි නිවසක රැදී සිටි අවස්ථාවේදී කිළිනොච්චිය අධිකරණය විසින් මන්ත්‍රීවරයාට විදේශ ගත වීම තහනම් කොට ඇති බවට වූ අධිකරණ නියෝගය ලබා දීමට කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් ගිය අවස්ථාවේදී එම අධිකරණ නියෝගය ඇත්තේ සිංහල භාෂාවෙන් නිසා එය පිළිගැනීමට නොහැකි බව ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරීන්ට දැණුම් දි ඇත.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් එම නියෝගය කියවා මන්ත්‍රීවරයාට තේරුම් කොට දී ඇති අතර මරදන්කේණී පොලීසියේ තවත් ඉල්ලීමක් මත මන්ත්‍රීවරයාට කිළිනොච්චිය අධිකරණය වෙත පැමිණෙන ලෙස නියෝග කොට ඇත.