වනඅලි ගැටලුවෙන් පීඩාවිඳින තවත් ගමක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මානාකැටි ගම්මානයට කඩා වැදුණු වනඅලි රංචුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටි.

එලෙස කඩාවදින වනඅලි කෙසෙල්, අඹ, පොල්, ගෝවා ආදී වගාවන්ට හානිකරන බව ගම්වාසීන් පෙන්වා දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කහල්ල පල්ලේකැළේ රක්ෂිතයේ සිටින වනඅලි මෙලෙස ගම්වදින බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රදේශය ආවරණය වනපරිදි විදුලි වැටක් ද නොමැති බැවින් මෙම වනඅලි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන මෙන් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.