මුම්බායි ඉන්දියන්ස් IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය ලකුණු 13කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

ඒ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

චෙන්නායි නුවර පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණයකර තිබුණි.

ඒ අනුව පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 150කි.

මුම්බායි පිල වෙනුවෙන් ක්වින්ටන් ඩි කොක් ලකුණු 40ක් සහ කයිරන් පොලාඩ් පන්දු 22කදී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 35ක් රැස් කළේය.

නායක රෝහිත ශර්මා ලකුණු 32යි.

පන්දු යැවීමේ දී විජයි ශන්කර් සහ මුජීබ් රෙහ්මාන් කඩුලු 2 බැගින් බිඳහෙලීය.

ලකුණු 151ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේදී සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකි වුයේ ලකුණු 137ක් පමණි.

එහිදී නායක ඩේවිඩ් වොනර් සහ ජොනී බෙයාස්ටොව් එක්ව පළමු කඩුල්ලට ලකුණු 67ක සබඳතාවයක් ගොඩනැගූ අතර ජොනී බෙයාස්ටොව් ලකුණු 43කට පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ඩේවිඩ් වොනර් ලකුණු 36යි.

අනතුරුව පිටියට පිවිසි කිසිදු මැද පෙළ පිතිකරුවෙකු හට පිටියේ සාර්ථකවීමට මුම්බායි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.

විජේ ශංකර් ලකුණු 28ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් සහ රාහුල් චහාර් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්විය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය මේ දක්වා සහභාගී වු තරග 3න් 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.