මම කොරෝනාවට වඩා භයානකයි – කරුණා අම්මාන්

තමන් කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමන් එල්ටීටීඊ සංවිධානයේ සිටියදී එක රැයකින් මරා දැමූ හමුදා සෙබළුන් සංඛ්‍යාව තරම් ප්‍රමාණයට සාපේක්ෂව මෙරට කොරෝනා වෛරසයෙන් මියගොස් ඇත්තේ ඉතාම සුළු සංඛ්‍යාවක් බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බලවේගයේ ප්‍රබලයකු මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ අම්පාර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

“කාර්තිව් සභාපතිවරයා මං ගැන ප්‍රකාශයක් කරලා තිබ්බා. මං කොරෝනාවටත් වඩා භයානකයි කියලා. ඔව්, ඒක ඇත්ත. කොරෝනාවෙන් මෙරටේ මැරිලා තියෙන්නෙ 11 දෙනෙක් විතරයි. මම අලිමංකඩදි එක රැයට දෙදාහක් තුන්දාහක් විතර හමුදාව මරා දැම්මා. තේරෙනවානෙ, එයා කියපු එක හරි. කිලිනොච්චිවලත් කීදාහක්ද ?” යනුවෙනුයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

එසේම මෙවර මහමැතිවරණයේදී ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව තමන්ට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ නමුත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යාම සඳහා තමන් දෙමළ එක්සත් නිදහස් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබිණි.

Comments are closed.