කොරෝනා ආසාදිතයින් 801ට සුවයි

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයින් 801 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ගණන 1620ක් වන අතර ඊයේ දිනයේදී 62 කු හඳුනාගෙන තිබුණි.

තවත් ආසාදිතයින් 809 කු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් අතර වැඩි වශයෙන් වෛරසය ව්‍යාප්ත වී තිබෙන අතර අනෙක් පොකුර වන්නේ නාවික හමුදා පොකුරයි.

කෙසේවෙතත් මේ වන විට නාවික හමුදාවෙන් වාර්තා වන ආසාදිතයින් ගණන අඩුවෙමින් පවතින අතර ඔවුන් එය මනාව කළමනාකරණය කරගෙන තිබෙන බවයි සෞඛ්‍ය අංශ කියා සිටින්නේ.

ඒ අනුව මේ වන විට නාවික සෙබළුන් 403 දෙනෙකු සුවය ලබා තිබේ.

මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 1727ක් සිදුකර තිබෙනා අතර මේ දක්වා එම පරීක්ෂණ 63935ක් සිදුකර ඇත.

Comments are closed.