දේශීය කලාකරුවා රැක ගැනීමට සහය – ජනපති

කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් ය.

කලාකරුවන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විය.

ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ, COVID-19 මර්දනය කර ලෝකය විවෘත වනතෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහය වන බවයි.

එමෙන්ම දේශීයව හා විදේශීයව නිර්මාණකරැවන්ට හිමි කර්තෘ භාගය නොලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, මේ පිළිබඳව රාජ්‍ය මට්ටමින් ක්‍රියා කර නිර්මාණකරුවන්ගේ අයිතිය රැක ගැනීමට සහය වන බවයි.

කලාකරුවන්ට සහන පොලී ණය මුදලක් ලබා දීමට රජය තීරණය රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

Comments are closed.