හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළේය.

මිය යන විට ඔහු 68 වන වියේ පසු විය.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අද (05) සවස 3.45ට පමණ කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පාදෙනිය, මාරගස්ගොල්ල ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදු වී ඇති බවය.

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ, නිකවැරටිය දෙසට ධාවනය වු අශෝක මහතාගේ මෝටර් රථය මාර්ගයෙන් දකුණු පැත්තට ගමන් කිරීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදු වු අවස්ථාවේ ඒ මහතා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඒ මහතා වාරියපොල රෝහලට ඇතුලත් කළ පසු මිය ගොස් තිබේ.

ලොරි රථයේ රියදුරුද තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුගත් කර ඇත.

Comments are closed.