මාසයකදී බන්ධනාගාර 28 කින් දුරකතන 1,102ක් සොයාගනී

පසුගිය සති 4ක කාලය තුළදී බන්ධනාගාර 28ක කළ වැටලීම්වලින්, දුරකතන 1,102ක් සිරකුටිවල සඟවා තිබී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක ප්‍රමාණයක්ද, සිම්පත් 688ක්ද, ජංගම දුරකතන බැටරි 1,310ක් ද වැටලීමට සම්බන්ධ වූ නිලධාරීහු සොයාගත්හ.

කොළඹ රක්ෂිත බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය, වැලිකඩ, බූස්ස, මීගමුව, ගාල්ල සහ දුම්බර යන බන්ධනාගාර ද ඇතුළුව දිවයින පුරා බන්ධනාගාරවල කරන ලද වැටලීම්වලදී මෙම දුරකතන සොයාගෙන ඇත.

ජංගම දුරකතන 277ක් සහ සිම්පත් 132ක් මීගමුව බන්ධනාගාරයෙන්ද, ජංගම දුරකතන 203ක් කොළඹ රක්ෂිත බන්ධනාගාරයෙන්ද හමුවී ඇත

Comments are closed.