රතන හිමි මුස්ලිම් කඩ වර්ජනයට මුල පුරයි – මද්‍රසා පාසල් කාති උසාවි තහනම් කරන්න සතියක් දෙයි !

සියලු භික්ෂූන් වහන්සේලා, බෞද්ධ ජනතාව එකතු කරගෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. මේ වනවිට අන්තවාදී මුස්ලිම් සංවිධාන විසින් ආහාර පවා බෙදීම් ඇති කිරීමට භාවිතා කර ඇති බව රතන හිමි පවසනවා.

ජමියතුල් උලමා සංවිධානයට සහ රජයට සතියක කාලයක් ලබාදෙන බවත්, එම සතියක කාලය තුළදී මද්‍රසා පාසල්, කාති උසාවි සහ බුර්කාව තහනම් කළයුතු බවත් රතන හිමි අවධාරණය කරනවා.

ඉදිරි සතිය තුළ ඒ පිළිබඳව අවශ්‍ය පියවර නොගන්නේ නම් ඒ පිළිබඳව තීරණ ගැනීම සඳහා සංඝ සම්මේලනයක් කැඳවන බවත්, මහා නායක ස්වාමීන් වහන්සේලාද සමග එකතු වී සියලු මුස්ලිම් භාණ්ඩ සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට සිංහල ජනතාව යොමු කරවන බවත් රතන හිමි පවසනවා.

Comments are closed.