මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ කොමිසම වෙත

ඡන්ද විමසීම ඇතුළු මහ මැතිවරණයට අදාල ක්‍රියාවලියේදී අනුගමනය කළයුතු උපදෙස් ඇතුළත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ජාසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (03) දිනය ඇතුළතදී මැතිවරණ කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවයි.

ජුනි 20 වැනිදා ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කර ඇති නමුත් එදිනට ඡන්ද විමසීම පැවැත්වීමේ හැකියාවක් නොමැති අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ තවත් මාස දෙකක් පමණ ඒ සඳහා අවශ්‍ය වන බවයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ ද සලකා බලා බොහෝදුරට හෙට දිනයේදී ඡන්ද විමසීම පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙනු ඇත.

Thanks : lankanewsweb

Comments are closed.