බ්‍රිතාන්‍ය ගුවන් සමාගම බොයිං ජම්බෝ ජෙට් යානා නවතා දමයි

ලොව විශාලතම බොයිං 747 ගුවන්යානා මෙහෙයුම් ඒකකය වශයෙන් සැලකෙන බ්‍රිතාන්‍ය ගුවන් සමාගම (British Airways) ඊයේ (16) දින නිකුත් කළ නි‍වේදනයකින් සඳහන් කර සිටියේ තම සමස්ත ජම්බෝ ජෙට් යානා පියාසරිය නතර කර දැමීමට තීරණය කළ බවයි.

බොයිං ජම්බෝ ජෙට් යානා ගමනාගමනය මෙසේ කඩිනමින් නතර කර දැමීමට තීරණය කර තිබෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය මත වසා දැමීමට (lockdown) කටයුතු කිරීම නිසා හටගත් සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම නිසාය.

ගෝලීය මට්ටමින් කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතු කොට ගෙන සංචාරක සීමාවන් පැනවීම විවිධ රටමඟින් අනුගමනය කිරීම නිසා බොහෝ ගුවන් සමාගම් වලට එයට දරුණුවට බලපා තිබේ.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම බොයිං යානා ගුවන් ගත කිරීම සම්පූර්ණයෙන් නතර කර දැමූ වාතාවරණයක් තුළ ලොව පුරා කීර්තියක් අත් කර දුන් මෙම ගුවන් සමාගමේ අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ගුවන් අවකාශයේ රැජින මෙන් වූ අපගේ මෙම විශ්මයජනක සේවාව බ්‍රිතාන්‍ය ගුවන් සේවය වෙනුවෙන් යළි වාණිජ ගමන් අරඹනු ඇතැයි විශ්වාසය තැබිය නොහැක.”

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වූ ඛේදජනක වදන් වූයේ එයයි.

අන්තර්ජාතික ඒකාබද්ධ ගුවන් සමාගම් සමූහයට අයත් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම, සිය නව A350 සහ 787 වැනි නවීන, ඉන්ධන කාර්යක්ෂමතාව සහිත ගුවන් යානා සඳහා වැඩි ගුවන් ගමන් ක්‍රියාත්මක කරවන බවත්, 2050 වර්ෂය වන විට ශුද්ධ ශුන්‍ය-කාබන් විමෝචනයක් ළඟා කර ගැනීමට එවැනි ගුවන් යානා උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

Comments are closed.