ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් පිරිසක් පිළිකාවට තිත තබයි..!

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් වසර ගනනක් තිස්සේ සිදුකල පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

ඉතා දුර්ලභ හතු විශේෂයක් භාවිතා කරමින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන බවයි සඳහන් වන්නේ.මෙම හතු වර්ගය ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුල හටගන්නා හතු විශේෂයක් බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

2012 වසරේදී පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන කොළඹ විශ්ව විද්‍යාලයේ මෙම පර්යේෂණ කණ්ඩායම වසර 3ක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී ප්‍රතිපිළිකා කාරක සංයෝගයක් සොයාගෙන ඇති අතර එතනින් නොනැවති මෙම පර්යේෂණ කණ්ඩායම අදාළ ප්‍රතිපිළිකා සංයෝගයේ ප්‍රති පිළිකා ගුණයට සහ නිස්සාරණ ක්‍රියාවලිය සඳහා තම පර්යේෂනයට අදාළව පේටන්ට් බලපත්‍ර ලබාගැනීමටද සමත් වීම විශේෂත්වයකී.

Comments are closed.