මහ බැංකුවේ අධිපති නියෝජ්‍ය අධිපති ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබිණි.

එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට තදින් පවසා ඇත්තේ රජයේ තීන්දු තීරණ නිසි පරිදි ජනතාවට ලබා දීමට අසමත් වීම ගැන මහබැංකුව වග කිව යුතු බවයි.

රජයේ තීන්දු තීරණ නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට නොහැති නම් ධුරයෙන්ගෙන් ඉවත් වන ලෙසද එහිදී ජනාධිපතිවරයා විසින් පවසා ඇත.

ද ෆිනෑන්ස් සමාගම අෑවර කිරීම හා ණය ප‍්‍රතිමුල්‍යකරණය කිරීමට රුපියල් බිලියන 150ක මුදලක් මහ බැංකුව විසින් මෙතෙක් වෙන් නොකිරීම සම්බන්ධයෙන් පැය 24ක් ඇතුලත ප‍්‍රතිචාර දක්වන ලෙසද රාජජපක්‍ෂ මහතා ඔවුනට දැනුම් දී තිබේ.

රාජ්‍ය ප්‍රතිපත්ති සහ තීරණ ජනතාවට නිසි පරිදි සිදු කිරීමට මහ බැංකුව අපොහොසත් වී ඇතැයිද පෙන්වා දී ඇති අතර මෙතෙක් රජය විසින් ගන්නා තීරණ තීන්දු ජනතාව වෙත නිසියාකාරයෙන් ගලා නොයාමට මහ බැංකුව ප්‍රමුඛ වරදකරුවෙකු බවද සඳහන් කර තිබේ.

රජයේ ප‍්‍රතිපත්ති සමග කටයුතු කිරීමට නොහැකි නම් වහා ධුරවලින් ඉවත්වන්නැයිද ඔහු එහිදී තදින් දැනුවත් තදින් දැනුම් දී ඇත.

“මට ඕන නෑ ගිය ආණ්ඩුවේ වැරදි. අපේ රට හදන්න යෝජනා දෙන්න..
පැය 24ක් දෙන්නම් කරන්න බැරි නම් යන්න..” – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Comments are closed.