හොරකම් එළියට එන්නෙ හොරු-හොරු ගහගත්තම – රන්ජන්

හැමවිටම හොරකම් පිළිබඳ තොරතුරු එළියට එන්නේ හොරු – හොරු අතර ඇතිවන ගැටුම්, මරාගැනීම් හේතුවෙන් බවත්, හොරකම් වංචා සිදුකළ පුද්ගලයන් වස්තුව බෙදා ගැනීමට නොහැකිව, කොමිස් බෙදා ගැනීමට නොහැකිව ඇතිකර ගන්නා ගැටුම් හේතුවෙන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

ඒ නිසා රාජපක්ෂ පාලන සමයේදී සිදු වූ තවත් බරපතල වංචාවක්, පාවාදීමක් පිළිබඳව තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ස්තුතිවන්ත වියයුතු බවයි රාමනායක මහතා පවසන්නේ. සිය යූටියුබ් නාලිකාවේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කරයි.

රටේ වටිනා ඉඩම්, ආයතන පමණක් නොව තමන්ගේ පවුලේ ඩේසි ආච්චි පවා තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විකුණූ රාජපක්ෂලා ක්‍රීඩාව විකුණගෙන කෑ ආකාරය පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා එළිකර ඇති බව ද රන්ජන් රාමනායක මහතා පවසනවා.

Comments are closed.