කරුණාගේ ප්‍රකාශය හෙළා දකිනවා අපිට එයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ – පොදුජන පෙරමුණ

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තම පක්ෂයේ සාමාජිකයෙකු හෝ තම පක්ෂයට සම්බන්ධ පුද්ගලයෙකු හෝ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු ද්‍රවිඩ මහා සභා නමැති පක්ෂයකින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කරන බවත්, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව තරග කරන පක්ෂයක අපේක්ෂකයෙක් බවත් ලේකම්වරයා අවධාරණය කරනවා.

ඒ නිසා ඔහු සම්බන්ධයෙන් හෝ ඔහු සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් හෝ පොදුජන පෙරමුණට කිසිදු වගකීමක් නැති බවයි සාගර කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ. කෙසේ වෙතත් කරුණා අම්මාන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි ලෙස හෙළා දකින බවද ඔහු ප්‍රකාශ කළේය.

කරුණා අම්මාන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. ඒ සම්බන්ධයෙන් ඔහු යම් ප්‍රකාශයක් සිදුකර ඇත්නම් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද කාරියවසම් මහතා වැඩිදුරටත් පවසනවා.

කරුණා අම්මාන් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළ නමුත්, මීට පෙර ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය හෙයින් මෙවර තරග කර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යන බව ප්‍රකාශ කළ බවයි.

Comments are closed.