සෞඛ්‍ය ඇමතිනිය පොරොන්දු කඩලා. PHI වරුන් සඳුදා සිට රාජකාරියෙන් ඉවත්වේ ?

තම ගැටළුවලට විසඳුම් ලබාදීමට රජය ක්‍රියා නොකරන්නේ නම් එළඹෙන සඳුදා (29) දින සිට කොරෝනා මර්දන රාජකාරිවලින්, මැතිවරණ රාජකාරිවලින් සහ ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

තම ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු බලධාරීන් සමඟ අවස්ථා 6කදීම පැවැත්වූ සාකච්ඡාවලදී පැමිණි එකඟතාවන් ඔවුන් විසින් කඩකර ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින නෛතික ගැටලු විසඳීම සඳහා නිරෝධායන, රෝග ස්පර්ශකයින් වෙන්කරතැබීම, බෝ වන රෝග පනතේ පරීක්‍ෂකවරුන් පත්කිරීමට අදාළ ගැටලුව නිරවුල් කිරීම හා එම පනතට රෙගුලාසි සකස් කර නීතිගත කිරීම, රට විවෘත කිරීමට අදාළව ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නීතිගත කිරීම (මැතිවරණ මාර්ගෝපදේශ ද ඇතුළත්ව) ආදී ඉල්ලීම් කඩිනමින් ඉටුකරදෙන්නැයි නැවතත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Comments are closed.