ප්‍රවීණ නිවේදක හා රංගන ශිල්පී නඩරාජසිවම් අභාවප්‍රාප්තවේ

ප්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත විය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසුවිය.

ජාතික රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දමිළ අංශයේ නිවේදකයෙකු වූ සින්නයියා නඩරාජසිවම් මහතා ජාතික රූපවාහිනියේ විකාශය වූ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන් රැසකට දායක විය.

ඔහු එම නාලිකාවන්හි දමිළ ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස ද වසර ගනනාවක් සේවය කොට තිබේ.
ආසියානු මාධ්‍ය ජාලයේ සූරියන් එෆ්.එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද ඔහු කටයුතුකොට කර ඇත.

ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙකු ද වූ නඩරාජා සිවම් මහතා යුද සමයේ විකාශය වූ ටෙලිනාට්‍ය වල, සහජීවනය නිරූපණය කරන චරිත බොහොමයකට රංගනයෙන් දායක විය.

සුදු අක්කා (1997), යුද ගිණි මැද (1998), ඉර හද යට (2010) , සෙල්වම් (2011) යන චිත්‍රපට ඒ අතරින් කිහිපයකි.
ඔහු ‘ලා හිරු දහසක්’ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායක වී තිබේ.

නඩරාජා සිවම් මහතාගේ දේහය පිළිබඳ ‘අවසන් කටයුතු අද (25) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබිණි.

Comments are closed.