ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශකල තිලංගට සහ මහින්දානන්දට වැඩ වරදින ලකුණු…!

සංගා ICC සබාපති දූරය සදහා සුදුසු නැහෑ කියලා තිලංග සුමතිපාලගේ ප්‍රකාශය තුලම තිබෙන්නේ සංගා ඉහල පුටුවකට යාම වැලැක්වීමේ කොන්ත්‍රාත්තුවක් තිලංග සහ මහින්දානන්ද යන තක්කඩි දෙදෙනා ඉටු කරන බවයි.

ICC සබාපති තනතුර තෙරීම සදහා මේ දිනවල සුදානමක් තිබෙන වටපිටාවක සංගාගේ නම එයට යෝජනා කරන්න අදහස් කරන බව ශ්‍රී ලංකා කිකට් ආයතනය තුලින්ම වාර්තා වුන වටපිටාවක covid-19 ට වඩා විනාශයක් සිදු කරමින් මහින්දානන්ද වසර 09 කට පසු සිදු කල ආන්දෝලනාත්මක ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රීකට් ක්ෂේත්‍රයටම සිදු කල මරු පහරකී. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක්ද වේ.

2011 ලෝක කුසලානය පාවාදීම පිළිබඳව එවක විශය භාර ඇමතිව සිටි තක්කඩි මහින්දානන්ද සිදු කල ප්‍රකාශය ගැන මුල්ම අනාවරණය කරනු ලැබුවේ සංගා ICC සබාපති පුටුවට යෑම වලක්වන්න සිදු කර දෙයක් බව සැක සහිත බවයි. කෙසේ වෙතත් දැන් ටික ටික එම සැකය සනාත වෙමින් තොබෙන්නේ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගංගුලි සභාපති කරවීම සදහා ශ්‍රී ලංකාවේ සහය ලබා දෙන බවට යන ප්‍රචාරයන් සමගමය.

ශ්‍රී ලංකා ක්‍රීකට වල පසුබෑමට හේතුව ක්‍රිකට් පාලනය බුකි රේස් කාරයන් අතට පත්වීම නිසාය. තවමත් එම බුකි කාරයන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගලවා ගැනීමට නොහැකී වී තිබේ.

කෙසේ වෙතත් හොරාට කලින් කෙසෙල් කැන වැට පැන ඇති බවක් පෙනෙන්නට ඇත්තේ මහින්දානන්ද ලවා සිදුකල කුප්ප ක්‍රියාව දැන් දැන් අනාවරණය වෙමින් තිබෙන බව දැනගත් විගස බුකි තිලංග මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කරන්නේ සංගක්කාරට ICC සභාපති කමට තරග කල නොහැකි බවයි. බුකී තිලංග එසෙ ප්‍රකාශ කිරීම තුලම තිබෙන්නේ මේ පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවයි.

තිලංග සුමතිපාල එසේ ප්‍රකාශ කර තිබේ නම් ඒහි පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව පොහොට්ටු පක්ෂයේ අපේකයකු වන විජේදාස නොහොත් ඩීල් දාස ද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර ඇත.

හොදම කාරණය නම් මෙම කුමන්ත්‍රණයේ කොටස් කාරයකු වන මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2011 වසරේ විශය බාර ඇමති මහින්දානන්දගෙන් ප්‍රකාශ ලබාගැනීමට විශේෂ පොලිස් එකකය තක්කඩි ඇමතියාගේ ගෙදරටම යෑමත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් විශේෂ පොලිස් එකකය වෙත ගෙන්වීමයි. ඒ තුලම තිබෙන්නේ වත්මන් පාලනය තුල එක රටක නීතී දෙකක් ක්‍රියාත්මක වන බවයි.

රට රකිනා විරුවා ලොක පූජිත ක්‍රීකට් ක්‍රිඩකයන්ට කෙලියා කියන ප්‍රකාශය වරදක් අප දනින්නේ නැත. කුණු දෙශපාලනයෙන් අන්ද වූ ඇතැම් රාජපක්ෂ හිතවාදී ජාතී ආලයෙන් සිටින වහල්ලු මේ වන විට ලෝක පූජිත ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය ක්‍රීඩකයන්ට අපහාස කිරීම ආරම්බ කර තිබෙන්නේ කුරුවල් වී ගද ගසන දේශපාලන පවුලක් රැක ගැනීම වෙනුවෙනී.

කෙසේ වෙතත් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.දැන් මහින්දානන්ද මේ සියල්ලා ඔප්පු කර පෙන්විය යුතුය. නැති නම් නව ක්‍රිඩා පනත යටතේ ඔහුට වසර තුනක සිර දඩුවමක් හිමිවනු ඇත.රාජපක්ෂ හිතවාදී කුණු වෙච්ච තක්කඩි දේශපාලුවන් බෙරා ගැනීම සදහා ලෝක පූජිත ක්‍රීඩකයන් වැරදි කරුවන් විමත් සිදු විය හැකිය. රාජපක්ෂ තියරිය එයයි.

හැම අතින්ම රට විනාශ කරන පාලකයන් සිටින රටක ලෝකයම ගෞරව කරන ක්‍රීඩකයන් හට ලංකාව තුල සිදු කරන අපහාස ජාත්‍යන්තරය පවා හෙළාදකිනු ඇත.

Comments are closed.