ඡන්දය වෙනුවෙන් කොරෝනා පරීක්ෂණ අඩුකරන බවට චෝදනා

කොරෝනා වෛරස් ආසාදිතයන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීම හිතා මතාම අඩු කරමින් දේශපාලන වාසි වෙනුවෙන් ආණ්ඩුව ජනතාව බිල්ලට දී ඇති බවට සුවසේවයේ ප්‍රවීනයෙක් චෝදනා කරයි.

රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරන විට රෝගීන් වැඩි වශයෙන් හමුවිය හැකි බව පෙන්වා දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ එවැනි තත්වයක් මීට ඉහතදී මතු වුවානම් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.

“PCR ටෙස්ට් කරානම්, රෝග පරීක්ෂණ කරානම් ලෙඩ්ඩු ටික ටික වැඩි උනානම් ආණ්ඩුවට මැතිවරණ ක්‍රියාදාමය අකුලාගන්න වෙනවා. මැතිවරණ කොමිසමටත්. ඒකෙන් ගැලවෙන්න තමයි රෝග පරීක්ෂණ ලංකාවේ කරන එක අඩු කරේ. හරි පැහැදිලිවම. අඩුකරා හිතාමතාම අඩුකරා. ආණ්ඩුව හිතාමතාම සෞඛ්‍ය අමාත්‍යාංශය ලවා රෝග පරීක්ෂණ කරන එක අඩු කරා. ”

ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන සමන් රත්නප්‍රිය ඒ බව සදහන් කළේ ජුලි 15 බදාදා සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් රාජගිරීයේදී පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ මේ වන විට PCR පරීක්ෂණය සිදු කළ හැකි උපකරණ හැට පහක් පමණ පවතින බව සදහන් කළ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ මේ වන විට පරීක්ෂණ සිදු කරනු ලබන්නේ එවැනි උපකරණ 10 ක පමණ බවයි.

” හැට පහෙන් දහයක් අඩු කරාම පනස් පහක් තියනවා. ඒ පනස් පහෙන්ම වැඩ ගන් නෑ. වැඩ ගන්න මැෂින්ස් වලත් උපරිම ධාරිතාවයට අරගෙන ගිහිල්ලා නෑ ”

Comments are closed.