අත්හිටවූ පත්වීම් නැවත ලබාදෙන මෙන් ඉල්ලා යාපන‍යේදී මාධ්‍ය හමුවක්

පසුගිය රජයෙන් ව්‍යාපෘති සහකාර පත්වීම් ලබාගත් බොහෝ දෙනෙකුගේ රැකියා අවස්ථා මේ වන විට අත්හිටුවා ඇත.

පත්වීම් ලැබී රාජකාරි භාරගෙන දින 2 ක් ගත වූ පසු, මෙම පත්වීම් මැතිවරණ කාල පත්වීම් ලෙස ප්‍රකාශ කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් තාවකාලික තහනම් නියෝගයක් නිකුත් තිබුණි.

ජනාධිපතිවරණය අවසන් වූ පසු මැතිවරණ කොමිස එම තහනම සම්පූර්ණයෙන් ඉවත් කල අතර එම පත්වීම් නැවත ලබාදෙන මෙන්ද නියෝග කර තිබුණි. නමුත් එම පත්වීම් මෙතෙක් නැවත ඔවුන්ට ලබානොදුන් බව ප්‍රකාශ කරන යාපනය දිස්ත්‍රික් ව්‍යාපෘති සහකාර සංගමය’ ඔවුන්ගේ පත්වීම් නැවත ලබාදෙන මෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අතරම මෙම පත්වීම් නැවත ලබාදෙන මෙන් අවධාරණය කරමින්, මෙම පත්වීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට යාපනය දිස්ත්‍රික් ව්‍යාපෘති සහකාර සංගමය විසින් අද දින යාපනය මාධ්‍ය සමාජයේදී , මාධ්‍ය හමුවක් පවත්වන ලදි.

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 999 දෙනෙකුටද, රට පුරා 6547 දෙනෙකුටද මෙම පත්වීම් ලැබී තිබුණි.

Comments are closed.