රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දේශපාලනය තනහම් – ජනපති

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස තම රජය විසින් පත්කර ඇති සියලු දෙනා මහ මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදැක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. මහ මැතිවරණයට අදාලව කිසිදු දේශපාලන කාර්යයක ඔවුන් නිරත නොවිය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

යම් ආයතන ප්‍රධානියෙකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට හෝ වෙනත් නිළධාරියෙකුට යම් පක්ෂයක් වෙනුවෙන් සහාය දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ඇති බවත්, එහෙත් ඊට පෙර ඔවුන් අදාල තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවත් රාජපක්ෂ මහතා පවසයි.

ඔවුන් පත්කර ඇත්තේ ඒ ඒ ආයතන දූෂණයෙන් තොර, ඵලදායි, කාර්යක්ෂම, ජනතාවට උපරිම සේවය සලසන ආයතන බවට පත් කිරීමට බැවින් ඔවුන් ඒ සඳහා මැදිහත් වියයුතු බවත්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් රජය වෙනුවෙන් හෝ දේශපාලනය කළයුතු යැයි කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

මෙම නියමයන් කඩ කරන, අනියම් අන්දමින් හෝ දේශපාලනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

Comments are closed.