ජපන් ආධාර නැවතීමෙන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියද නවතී – පාඨලී චම්පික

පසුගිය රජය සමයේ සැළසුම් කළ අතුරුගිරියේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, වත්මන් ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය සහ දුර්වල මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය සාකච්චාවේදී පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් රජය විසින් 1% ක පොලිය මත ණය ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටි බවත් එහෙත් මේ වනවිට ජපන් රජය මෙරටට අරමුදල් සැපයීම අත්හිටුවා ඇති බවත් චම්පික රණවක මහතා අවධාරණය කරනවා. ඒ වෙනුවට වත්මන් රජය 6% අධික පොලියකට වෙනත් රටකින් ණය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි රණවක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජයිකා ව්‍යාපෘතිය යටතේ මෙරටට ණය ආධාර සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජපානය මෙරට රජය වෙත පසුගියදා ලිඛිතව දන්වා තිබිණි. ඊට හේතු ලෙස සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා රජයේ මුල්‍ය ප්‍රතිපත්ති සහ ණය නැවත ගෙවීමේ ප්‍රතිපත්ති පිළිබඳව සෑහීමට පත්විය නොහැකි වීමයි.

මේ අනුව මේ වනවිට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නතර කිරීමට සිදුව ඇති අතර නාගරික සංවර්ධන අමාත්‍යංශය ද මේ බව සනාථ කර තිබෙනවා. එම ආමත්‍යංශය පවසන්නේ අදාල ව්‍යාපෘතිය සඳහා නව ආයෝජකයෙකු පිළිබඳව සොයා බලමින් සිටින බවයි.

Comments are closed.