ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වැනි උපන් දිනය අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වැනි උපන් දිනය අදට (20) යෙදී තිබේ.

1949 ජුනි 20 වනදා උපත ලැබූ ඒ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවනය සඳහා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහෝදරයකු වේ.

රුවන්වැලි මහා සෑය අබියස කිරි ආහාර පූජාවක් පවත්වමින් අද පෙරවරුවේ ඒ මහතා සිය උපන් දිනය සැමරූ අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

ඡායාරූප – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවෙනි

Comments are closed.